Ticker

6/recent/ticker-posts

Ad Code

Responsive Advertisement

ලොව උසම ප්‍රතිමාව

 

 
ඉන්දියාවේ මෑතකදී නිරාවරණය කෙරුණු සර්දාර් පටේල්ගේ ප්‍රතිමාව ලොව උසම ප්‍රතිමාව වේ. එය අඩි 597ක් (මීටර 182ක්) උසැති පිළිමයකි. ඉන්දියාවේ ගුජරාටයේ නර්මදා නදියේ වේල්ලක් අසබඩ මේ යෝධ ප්‍රතිමාව නිර්මාණය වී තිබේ. එතෙක් ලොව තිබූ විශාලම පිළිමය වූ චීනයේ බුදු පිළිමයට වඩා සර්දාර් පටේල්ගේ ප්‍රතිමාව අඩි 90කට වඩා උසය. මෙම ප්‍රතිමාව නිර්මාණය කිරීමට ඉන්දීය රුපියල් කෝටි 2,989ක් පමණ වැය වී තිබුණි. නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යවරයාගේ මැදිහත් වීමෙන් ඉදිවුණු මේ යෝධ ප්‍රතිමාව ඉන්දීය සමාජයේ මෙන්ම පක්ෂ විපක්ෂ කණ්ඩායම් වලද සාකච්ඡාවට ලක් විය. ලෝහයෙන් නිමවූ මෙම පිළිමය සෑදීමට ගොවි ජනතාව සිය පැරණි යකඩ පරිත්‍යාග කළහ. එසේ ලැබුණු යකඩ මෙට්‍රික් ටොන් 100ක් පමණ පිළිමයේ පාදම සෑදීමට භාවිතා කර තිබේ. ඉන්දියානු නිදහස් සටනේ පතාක යෝදයෙකු වූ සර්දාර් පටේල්ගේ මැදිහත් වීම එක්සත් ඉන්දියාවකට මග කියාදුන්නේය. සර්දාර් පටේල් ඇතැම් තැන්වලදී ගාන්ධිගේ කොන්ග්‍රසයේ සමාජවාදී ප්‍රතිපත්ති වලට විරුද්ධ වුවත්, මිය යනතෙක්ම කොන්ග්‍රසය යටතේම සිටි දැවැන්ත චරිතයක් විය.                                                                                

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement